Friday 19th of June 2026

English Tamil
Advertiesment


කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමේදී දැඩි අසාධාරණයක් සිදු වෙලා


2026-06-19 1252

 

- විපක්ෂ නායක -

 

ශ්‍රී ලංකා පොලිස් සේවාවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා ලිඛිත පරීක්ෂණ සමත් වී ඇගිලි සලුකුණු ආදි සියලුම පරීක්ෂණ සමත්වු අපේක්ෂිකාවන්ගේ ⁣වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල්දැමීම තුළ මෙම පත්වීම් ලබා දීම අද වනතුරු මේ පත්වීම් ලබා දෙන්න බලධාරින් අපොහොසත් වී ඇති බවත් දැන් මේ 2021 ගැසට් එක අවලංගු කර 2026 නව ගැසට්ටුවක් හරහා වයස් සීමා වෙනස් කර අධ්‍යාපන සුදුසුකම් වැඩි කර නව කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගන්න රජය සූදානම් බවත් මේ නිසා වසර පහකට වඩා පත්වීම් නැතිව සිටින මේ අයට රජය ලබා දෙන පිළිතුර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර අසාධාරණයට ලක්වූ පාර්ශවය සමග පැවැති හමුවකදීය.

2160 හා 2163 යන ගැසට් නිවේදනයේ අඩංගු අපේක්ෂිකාවන් මේ නව ගැසට් නිවේදය යටතේ බදවා ගන්නත් 2021 අංක 2215 ගැසට් නිවේදනය යටතේ ඉදිරිපත් වු අපේක්ෂිකාවන් මේ බදවා ගැනීමේ ක්‍රමයෙන් බැහැර කර දෙවිදියකට කටයුතු කිරීම මානව හා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් පසුගිය කාලයේ කොස්තාපල්වරියන් බදවා ගන්න පවා කටයුතු කර නොමැති නිසා මෙසේ අසාධාරණයට පත් පාර්ශ්වයන්ට සාධාරණත්වය ඉටු කරන ලෙසත් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment